ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ඉවන් පපාජෝර්ජියෝ මහතා සහ ‘සර්වජන බලය’ පක්ෂයේ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සිදුවිය. මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගැනීමේ ක්‍රියාවලිය මෙන්ම ඉදිරියට මුහුණ දීමට ඇති අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනු ලැබීය.මෙහිදී රටට ස්ථාවර මෙන්ම ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම උදෙසා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ. තම සංචාරය අතරතුර මෙම සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් ඉවන් පපාජෝර්ජියෝ මහතා වෙත දිලිත් ජයවීර මහතා සිය සතුට පළ කළේය.



























