ඉන්දීය සාගර වටද්දර සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම නියෝජනය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (26) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය. හෙට (27) පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අමාත්‍යවරයා විසින් නායකත්වය ලබා දෙනු ඇත.2023 සිට 2025 දක්වා කාලය තුළ මෙම සංගමයේ සභාපති ධුරය හෙබවූ ශ්‍රී ලංකාව, වර්තමානයේ එහි ට්‍රොයිකා (Troika) සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ඉන්දීය සාගර කලාපයේ ආර්ථික සහයෝගීතාව, සමුද්‍රීය ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය උදෙසා මෙරට දක්වන කැපවීම අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.මෙම අමාත්‍ය මණ්ඩල හමුවට පූර්වගාමීව පැවැත්වෙන IORA ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීමද නොවැම්බර් 25 සහ 26 යන දෙදින තුළ නවදිල්ලි නුවරදී පැවැත්වේ.



























