TIN අංකය අනිවාර්ය කිරීමේ තීරණය කල් යයි

අනිවාර්ය ගනුදෙනු වර්ග අටක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් මස 01 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.​ජනතාව අතර TIN සහතිකය ලබාගැනීමට පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම සහනය ලබාදී ඇත.​දැනටමත් ලියාපදිංචි වූවන්ට අංකය ලබාගැනීමට විකල්ප ක්‍රම හඳුන්වාදීමට නියමිත අතර, මෙතෙක් ලියාපදිංචි නොවූ පිරිස්වලට මාර්ගගත (e-Services) පද්ධතිය ඔස්සේ ලියාපදිංචි වන ලෙස දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,408

Leave A Reply

Your email address will not be published. Required fields are marked *