දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ කටයුතු අද (නොවැම්බර් 03) පස්වරු 2.00 වන විට මුළුමනින්ම පාහේ අක්රිය වී තිබේ. බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) ලබාගැනීමට එකවර විශාල පිරිසක් වෙබ් අඩවියට පිවිසීම මීට ප්රධාන හේතුව වී ඇත.මේ අතර, දිවයින පුරා පිහිටි දේශීය ආදායම් ප්රාදේශීය කාර්යාල ඉදිරිපිටද ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බව වාර්තා වේ. වෙබ් අඩවියේ ඇති වූ මෙම තාක්ෂණික බිඳවැටීම නිසා TIN අංක ලබාගැනීමට පැමිණි මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.



























