ආනන්ද පාලිත දෙසැම්බර් 4 දක්වා යළි රිමාන්ඩ්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා සම්බන්ධයෙන් සිදුකළ මූල්‍ය වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා දෙසැම්බර් 4 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.​2015 සිට 2019 දක්වා කාලය තුළ එම සංස්ථාවේ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ 31කට අධික අතිකාල දීමනා මුදලක් වංචා කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.​මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් නොවැම්බර් 16 වැනිදා අත්අඩංගුවට ගත් ඔහු, 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, අද නඩුව යළි කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් කාලය දීර්ඝ කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *