ආනයනික භාණ්ඩ 800ක CESS බදු ලබන අප්‍රේල් සිට අඩු කිරීමට යෝජනා

2027 අයවැය යෝජනාවලට අනුව, අතරමැදි සහ ප්‍රාග්ධන භාණ්ඩ කාණ්ඩ යටතේ වන ආනයනික තීරුබදු අයිතම 800ක් සඳහා පනවා ඇති CESS බද්ද 2027 අප්‍රේල් 1 වැනිදා සිට අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ යටතේ සිමෙන්ති, තීන්ත, ටයර් සහ ඇසුරුම් ද්‍රව්‍ය ඇතුළු දේශීය කර්මාන්තවලට සංවේදී අයිතම 107ක CESS බදු අනුපාත 25%කින් අඩු කිරීමට නියමිතය.​මීට අමතරව තවත් තීරුබදු අයිතම 693ක් සඳහා බදු සහන යෝජනා කර ඇති අතර, ඒ අතරින් ඇතැම් භාණ්ඩවල CESS බද්ද 50%කින් අඩු කෙරේ. ඉදිරි වසරවලදී ද මෙම බදු අනුපාත ක්‍රමයෙන් අඩු කර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ භාණ්ඩ සහ නව බදු අනුපාත ඇතුළත් සම්පූර්ණ ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,421

Leave A Reply

Your email address will not be published. Required fields are marked *