ශ්රී ලංකාවේ දේශීය වෛද්ය ක්ෂේත්රය වඩාත් විධිමත් කිරීම සහ නියාමනය කිරීමේ අරමුණින් 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට අනුව පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දී ඇත.දේශීය වෛද්ය ක්ෂේත්රයේ ප්රගතිය, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම මෙන්ම දේශීය ඖෂධ වර්ග අපනයනයට අදාළ බලපත්ර නිකුත් කිරීමේ ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම නව සංශෝධන හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා යන සියලු වෛද්ය ක්රමයන්හි පාලන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි ප්රධාන අරමුණ වේ.



























