උණුසුම් කාලගුණය පිළිබඳව ප්‍රදේශ කිහිපයකට අවධානැතිව සිටින ලෙස දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉදිරි දිනවලදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටී.​මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බවට අනතුරු අඟවා ඇත. එබැවින්, පවතින උණුසුම් ස්වභාවය නිසා ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා අදාළ ප්‍රදේශවල වැසියන් ප්‍රමාණවත් තරම් ජලය පානය කරමින් සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වැඩි සූදානමකින් පසුවන ලෙස කාලගුණ අංශ වැඩිදුරටත් මතක් කර දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,323

Leave A Reply

Your email address will not be published. Required fields are marked *