එළඹෙන උත්සව සමය තුළ රථවාහන පරීක්ෂා කිරීම් සහ වැටලීම් තවදුරටත් දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසීය.ඒ අනුව බීමත්ව සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධ වැටලීම් පුළුල් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ උපකරණ ප්‍රමාණවත් පරිදි පොලිස් ස්ථාන වෙත ලබා දී ඇත. එමෙන්ම රියදුරන් අහඹු ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමටත්, රිය අනතුරක් සිදුවූ විගස අදාළ රියදුරන් පරීක්ෂා කිරීමටත් කටයුතු යොදා තිබේ.උත්සව සමයේ සිදුවන රිය අනතුරු අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන බැවින්, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමෙන් වළකින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.



























