ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති ඉඩම කඩිනමින් ලබාගැනීමට සහාය වීම සඳහා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන පවත්වන අල්ලස් කොමිසම විසින් සැකකාරිය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අදාළ ඉඩම ලබාගැනීමේදී නීතිවිරෝධී ලෙස මූල්‍යමය දීමනා හුවමාරු වී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.



























