ලොව පුරා සතුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන කුරුළු උණ වෛරසය මිනිසුන් අතර වසංගතයක් බවට පත්වීමේ අවදානම මැඩපැවැත්වීම සඳහා මොඩර්නා සමාගම සිය නවතම එන්නතේ අවසන් අදියරේ සායනික පරීක්ෂණ ආරම්භ කර තිබේ. බ්‍රිතාන්‍යය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ හරහා වෛරසය මිනිස් ප්‍රජාව දෙසට ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ගෝලීය අවශ්‍යතාව සපුරාලීමට අපේක්ෂිතය.”mRNA-1018″ (එම් ආර් එන් ඒ 1018) ලෙස කේත නාමයෙන් හඳුන්වන මෙම පරීක්ෂණාත්මක එන්නත, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි නිරෝගී පුද්ගලයන් 4,000කගේ පමණ සහභාගීත්වයෙන් විද්‍යාත්මක පරීක්ෂාවට ලක් කෙරේ. මෙහිදී එන්නතේ ආරක්ෂිතභාවය මෙන්ම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීමේ හැකියාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට පර්යේෂකයෝ සූදානමින් සිටිති.වර්තමානය වන විට මෙම එන්නත්කරණ ව්‍යාපෘතිය සාර්ථක අදියරකට පැමිණ ඇති අතර, එය ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. සත්ව ගොවිපළ සහ වනජීවීන් අතර පැතිරෙන මෙම වෛරසය මිනිසුන්ට ආසාදනය වීම වැළැක්වීමේ අරමුණින් නිපදවූ මෙම එන්නත, ඉදිරි වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වන සූදානමක් ලෙස ද විද්‍යාඥයෝ පෙන්වා දෙති.

























