කොළඹ – චෙන්නායි සෘජු ගුවන් ගමන් දෙසැම්බර් 15 සිට යළි ඇරඹේ

FitsAir ගුවන් සමාගම කොළඹ සහ ඉන්දියාවේ චෙන්නායි නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාව එළඹෙන දෙසැම්බර් 15 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතය. මෙම ගුවන් ගමන් දිනපතා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.​නැවත ආරම්භ කිරීම නිමිත්තෙන් දෙපසටම ගමන් කිරීම සඳහා රුපියල් 66,000 සිට ආරම්භ වන විශේෂ ප්‍රවේශපත්‍ර ගාස්තු හඳුන්වා දී ඇති අතර, ඊට කිලෝග්‍රෑම් 20ක ලියාපදිංචි ගමන් මල්ලක් සහ කිලෝග්‍රෑම් 7ක අත් ගමන් මල්ලක් ඇතුළත් වේ. මෙම සේවාව යළි ඇරඹීමෙන් දෙරට අතර සංචාරක, ව්‍යාපාරික සහ පුද්ගලික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,435

Leave A Reply

Your email address will not be published. Required fields are marked *