​රු. 25,000ක දීමනාවක් ඉල්ලා රාජ්‍ය සේවක වෘත්තීය සමිති විරෝධතාවක

2027 අයවැය හරහා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ සේවා ගැටලුවලට ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බව පවසමින්, සියලු රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක අන්තර්කාලීන දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් අද (23) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය, ගුරු, විදුහල්පති සහ වෛද්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරන සංගම් රැසක් මීට එක්ව සිටී.​විරෝධතාවට සහාය පළ කරමින් විදුහල්පතිවරුන් අද කළු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණ ඇති අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග සහ වැඩවර්ජන කරා යොමුවීමට සිදුවනු ඇති බවට වෛද්‍ය සහ හෙද සංගම් නියෝජිතයෝ අනතුරු අඟවා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,435

Leave A Reply

Your email address will not be published. Required fields are marked *