ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

​ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් වාර්තා වී තිබේ. මීට සතියකට පමණ පෙර ඇමරිකානු ඩොලර් 110ක ආසන්න අගයක පැවති බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 100 සීමාවෙන් පහළට ගොස්, ඩොලර් 99කට ආසන්න අගයක ගනුදෙනු වෙමින් පවතී.​එමෙන්ම, ඇමරිකානු WTI බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට බැස ඇත. සතියකට පෙර ඩොලර් 105 ඉක්මවා තිබූ WTI බොර තෙල් මිලට සාපේක්ෂව මෙම තත්ත්වය බලශක්ති වෙළෙඳපොළේ සැලකිය යුතු වෙනසක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 966

Leave A Reply

Your email address will not be published. Required fields are marked *