දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.මාතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර හටගෙන ඇති අතර, මේ වන විට සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.



























