දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හෙට (13) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ පූර්ව ලක්ෂණ පෙනෙන්නට තිබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙකී වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් හෙට දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ මහ පොළොව මෙන්ම අවට නාවික හා ධීවර කලාපවල ද වැසි සහිත කාලගුණයේ පැහැදිලි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකිය.​විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.​ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, පවතින තත්ත්වය හමුවේ කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *