පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් සිව්දෙනා ඇප මත මුදාහැරීමට නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණය අද (12) නියෝග කළේය.සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව, මහේස්ත්රාත්වරයා විසින් එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප නියම කරනු ලැබීය. මෙම ගැටුම හටගෙන ඇත්තේ නාවලපිටිය – තලවකැලේ ප්රධාන මාර්ගයේ බව්වාගම ප්රදේශයේ පිහිටි සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට සිදු වූ යතුරුපැදි අනතුරක් මුල් කරගනිමිනි.සිද්ධිය සම්බන්ධයෙන් නගර සභා සභාපති අමල් ප්රියංකර, ඔහුගේ පුත්රයා, බෑනා සහ අනතුරට සම්බන්ධ අනෙක් පුද්ගලයා පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
























