මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊට අමතරව, මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැයට කිලෝමීටර 20ත් 30ත් අතර වේගයකින් හමා යනු ඇත. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති වීමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව ඉතා රළු විය හැකිය. මේ හේතුවෙන් මුහුදු යන ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



























