දිවයිනේ නිරිතදිග කලාපයේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව හෙට (29) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මීට අමතරව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් (Amber) වර්ණයෙන් යුත් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු කලාප මේ යටතේ අවදානම් සහගත ලෙස හඳුනාගෙන ඇත.මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (28) සිට හෙට (29) පස්වරු 4.30 දක්වා වලංගු වන පරිදි ක්‍රියාත්මකය. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-65 දක්වා ඉහළ යා හැකි බැවින්, අදාළ මුහුදු තීරයන් විටින් විට බෙහෙවින් රළු වීමේ ස්වභාවයක් පවතිනු ඇතැයි ගණන් බලා තිබේ.



























