දීපාවලී වෙනුවෙන් කොළඹින් විශේෂ බස් සේවාවක්

එළඹෙන දීපාවලී උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව උදෙසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව අද (06) සිට කොළඹින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. නොවැම්බර් 8 වනදාට යෙදී ඇති උත්සවය නිමිත්තෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ වෙත විශාල මගීන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.​ලංගම ආසන වෙන්කිරීමේ අංශය සඳහන් කරන්නේ අද සහ හෙට (07) දෙදින තුළ කොළඹ සිට හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය දක්වා ධාවනය වන බස් රථවල ආසන වැඩි ප්‍රමාණයක් මේ වන විටත් වෙන් කර අවසන් බවයි. මීට අමතරව යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශයන් දක්වා ගමන් ගන්නා බස් රථවල ආසන ද ශීඝ්‍රයෙන් වෙන් වෙමින් පවතී.​එබැවින් අධික මගී තදබදයකින් තොරව සුවපහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය මගීන්ට 1315.lk හෝ sltbeseat.lk යන වෙබ් අඩවි ඔස්සේ කල්වේලා ඇතිව සිය ආසන වෙන් කරවා ගන්නා ලෙස අදාළ බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,409

Leave A Reply

Your email address will not be published. Required fields are marked *