නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය සම්බන්ධ තීන්දුව නොවැම්බර් 18 දිනට

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය දන්වා තිබේ.​අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම නඩුවට අදාළව ඉදිරි අධිකරණ කටයුතු නියමිත දිනයේදී පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,421

Leave A Reply

Your email address will not be published. Required fields are marked *