නිල්වලා ගඟ අවට පහත්බිම් සඳහා සුළු ගංවතුර අවදානමක්

පවතින අධික වර්ෂාපතනයත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත් බිම් ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අවදානමක් මතුව තිබේ.​ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාවට ඉදිරි පැය 24 තුළ දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.​ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වැසි හේතුවෙන් ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අදාළ ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,380

Leave A Reply

Your email address will not be published. Required fields are marked *