ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ විත්තිවාචකය කැඳවීමට නියෝග

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිවාචකය කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.​ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නයනා සෙනවිරත්න මහත්මිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ අනුව විත්තිවාචකය කැඳවීම සඳහා නඩුව ලබන 12 වනදා යළි කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,410

Leave A Reply

Your email address will not be published. Required fields are marked *