ප්‍රදේශ කිහිපයකට පැය 42 ක ජල කප්පාදුවක්

හාරිස්පත්තුව පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 42 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව හෙට (21) පෙ.ව 09.00 සිට 23 වන සිකුරාදා ප.ව 3.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.​මේ යටතේ මැදවෙල (පැරණි හා නව) සේවා ජලාශයට අයත් ප්‍රදේශ, ගල්ලෙනවත්ත, ගලගෙදර සහ මාවතගම යන ප්‍රදේශවලට අයත් මාර්ග රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.​ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජල සම්පාදන මණ්ඩලය, අදාළ කාල සීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,388

Leave A Reply

Your email address will not be published. Required fields are marked *