ප්‍රදේශ කිහිපයකට වැසි සමග ප්‍රබල අකුණු

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයටද සවස් හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතියි.​කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයන්ද හටගත හැකිය.​එබැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *