ප්‍රේමසර ඈපාසිංහයන්ට උපහාර පිණිස “ප්‍රේමණීය රන් ස්වරය” එළිදකී

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය මතකයන් ප්‍රේක්ෂකයින් වෙත සමීප කළ ප්‍රවීණ ක්‍රිකට් විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතාට උපහාර දැක්වීමේ උළෙලක් සහ ඔහුගේ ජීවිත කතාව ඇසුරින් රචිත “ප්‍රේමණීය රන් ස්වරය” කෘතිය එළිදැක්වීම ඊයේ (22) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.​මාධ්‍යවේදී සරත් ජයසිංහ මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සංවිධානය කර තිබුණේ බොරැල්ල The Chance Sports ආයතනය විසිනි.​තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,435

Leave A Reply

Your email address will not be published. Required fields are marked *