පැරණි ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වී සිටින විශ්‍රාමිකයන් සඳහා හිඟ වැටුප් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාවට නංවා ඇත. මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත, ගොවි ජනතාව ඉදිරිපත් කළ ගැටලු සැලකිල්ලට ගනිමින් 2026 අගෝස්තු සිට මෙම ගෙවීම් අරඹා තිබේ.ඒ යටතේ 2025 සහ 2026 වසරවල මාස කිහිපයකට අදාළ හිඟ විශ්‍රාම වැටුප් ගෙවා ඇති අතර, මේ වන විට ගොවීන් 2,910 දෙනෙකුට රුපියල් මිලියන 38 කට ආසන්න මුදලක් ලබා දී ඇත. 1987 ආරම්භ වූ මෙම යෝජනා ක්‍රමය යටතේ දැනට වයස 60 සම්පූර්ණ කළ ගොවීන් 170,950 ක් සඳහා දිවයින පුරා තැපැල් කාර්යාල හරහා මාසිකව රුපියල් මිලියන 415 කට අධික විශ්‍රාම වැටුපක් හිමිවේ.


























