වී වගා කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර තොග කඩිනමින් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. දැනට පවතින දත්තවලට අනුව, වත්මන් කන්නයේ වගා කටයුතු සඳහා යුරියා මෙට්‍රික් ටොන් 15,000ක අවශ්‍යතාවයක් පවතින නමුත්, මේ වන විට ලැබී ඇත්තේ ඉන් මෙට්‍රික් ටොන් 7,900ක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මෙම පොහොර හිඟය වගා කටයුතුවලට බාධාවක් නොවන පරිදි, ඉතිරි යුරියා පොහොර තොග කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස ඔහු නිලධාරීන්ට වැඩිදුරටත් අවධාරණය කළේය. ගොවීන් මුහුණ දෙන මෙම ගැටලුවට කඩිනම් සහ ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ වගකීම නිලධාරීන්ට පැවරෙන බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.



























