බද්දේගම ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

බද්දේගම හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගමන් ගත් පිරිසකට වෙඩි තබා පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවෙක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.​පසුගිය (29) වන දින රාත්‍රියේ හල්පාතොට ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06ක පමණ ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ කහවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.​සැකකරු ඉදිරියේදී බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බද්දේගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදු කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,355

Leave A Reply

Your email address will not be published. Required fields are marked *