ජාත්යන්තර වෙළඳපොළ තුළ බොරතෙල් මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබුණද, බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇමරිකානු ඩොලර් 109 සීමාවේ ස්ථාවරව පවතී. අද (20) උදෑසන වන විට බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.8ක් ලෙස වාර්තා විය.කෙසේ වෙතත්, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවෙන් පහළට ගොස් ඇති අතර, අද උදෑසන වන විට එහි මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 98.72ක් ලෙසිනි.



























