මෝහිනී ඇල්ල අසල සිදු වූ අනතුරකින් දෙදෙනෙක් මරුට

නල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් පාලනය කරගත නොහැකි වීමෙන් මෝහිනී ඇල්ල ප්‍රපාතයට පතිත වීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.​මෙම අනතුර වන අවස්ථාවේදී අදාළ වාහනය තුළ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සතර දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.​තුවාල ලැබූ දරුවන් දෙදෙනා වහාම රෝහල්ගත කර ඇති අතර, සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,247

Leave A Reply

Your email address will not be published. Required fields are marked *