යාපනය-පලාලි පාරේ මාරක අනතුරක්

යාපනය පලාලි මාර්ගයේ උරිම්බිරායි හන්දිය අසලදී අද (22) අළුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පලාලි දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි පසුපස ගමන් කළ පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.​මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එලාලේයි ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 23 සහ 64 යන වයස්වල පසුවන දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කෝපායි පොලිසිය විසින් ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *