යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය දෙසැම්බර් 10ට කල් යයි

2006 වසරේදී යෝෂිත රාජපක්ෂ මහතාට අවශ්‍ය සුදුසුකම් නොමැතිව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා යොමු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කර ඇති දූෂණ නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා දුන් අතර, තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.​අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කෙරුණු අතර, වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන දෙසැම්බර් 10 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,435

Leave A Reply

Your email address will not be published. Required fields are marked *