මොරොන්තුඩුව, දෙල්දුව ප්‍රදේශයේදී අද (18) අලුයම සිදු වූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගය අසල වූ වෙළඳසැලක බිත්තියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මොරොන්තුඩුව පොලිසිය සඳහන් කරයි. අලුයම 4.30ට පමණ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදිකරුගේ හිසට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත.මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වස්කඩුව, නුගගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක තරුණයෙකි. අනතුර හේතුවෙන් යතුරුපැදියටද දැඩි හානි සිදුවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මොරොන්තුඩුව පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.
























