රුමේෂ් තරංග හංගේරියාවේ දී හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ගනී

ශ්‍රී ලාංකික හෙල්ල විසි ක්‍රීඩක රුමේෂ් තරංග තවත් වරක් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති World Athletics Ultimate Championship තරගාවලියේ පිරිමි හෙල්ල විසි ඉසව්වෙන් ඔහු රන් පදක්කම දිනා ගත්තේ ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම පරාජය කරමින්.ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 9.40ට පමණ ආරම්භ වූ අතර තරමක් මන්දගාමී ආරම්භයක් තිබුණද තරංග තෙවැනි උත්සාහයේදී මීටර් 87.11ක විසිකිරීමකින් ඉදිරියට පැමිණියා. ඉන්පසුව සිව්වැනි වටයේදී මීටර් 91.09ක දැවැන්ත විසිකිරීමක් සමඟ ඔහු පෙරමුණ තහවුරු කරගත්තේය.එම ඉසව්වේ දෙවැනි ස්ථානය ග්‍රෙනඩාහි Anderson Peters මීටර් 86.18කින් ද, තෙවැනි ස්ථානය ජර්මනියේ Julian Weber මීටර් 85.89කින් ද හිමිකර ගත්තේය. මේ වසරේ මුල් භාගයේදී මීටර් 92.62ක ලෝක ප්‍රමුඛතම විසිකිරීමක් කළ තරංග, මෙවර Diamond League ශූරතාවද දිනාගෙන තිබුණා. මේ වසරේ යුරෝපීය ශූරතාවේදී මීටර් 90.40ක වාර්තාවක් තැබූ Weber තරංගට සිටි ප්‍රධානම අභියෝගකරු වුවද, ශ්‍රී ලංකාවේ පුතු අවසානයේ ජය තහවුරු කර ගත්තේය.

What's your reaction?

Related Posts

1 of 974

Leave A Reply

Your email address will not be published. Required fields are marked *