රුවන්වැල්ල – බුලත්කොහුපිටිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී රිටිගහ ඔයට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසයි. අම්පාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මෙලෙස මියගොස් ඇත.ප්‍රදේශයට ලැබුණු වර්ෂාවත් සමඟ රිටිගහ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ පසුබිමක, බැම්මක් මත සිටියදී පස්කණ්ඩියක් කඩාගෙන යාමෙන් ඔහු ඔයට ඇද වැටී තිබේ. අනතුරුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව මියගිය පුද්ගලයාගේ දේහය සොයාගෙන ඇත.



























