ලොව පුරා පැයකට කාන්තාවන් 5ක් සමීපතමයන් අතින් ඝාතනය වන බව එක්සත් ජාතීන් හෙළි කරයි

ලොව පුරා සෑම පැයකටම කාන්තාවන් සහ දැරියන් පස්දෙනෙකු පමණ තම පවුලේ සාමාජිකයන් හෝ සමීප සහකරුවන් අතින් ඝාතනයට ලක්වන බව UNODC සහ UN Women එක්ව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 2025 වසර තුළ එවැනි සිදුවීම්වලින් කාන්තාවන් සහ දැරියන් 47,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.​එම වසරේදී කාන්තාවන් සහ දැරියන් 78,000කට ආසන්න පිරිසක් හිතාමතා සිදුකළ ඝාතනවලට ගොදුරුව ඇති අතර, ඉන් සියයට 60කට පමණ වගකිව යුත්තේ ඔවුන්ගේ සමීපතමයන් බව සඳහන් වේ.​මේ අතර, ලොව පුරා කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට සිය ජීවිත කාලය තුළ ශාරීරික හෝ ලිංගික හිංසනයකට මුහුණ දීමට සිදුවන බව තවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් අනාවරණය කර ඇත. එහෙත් එවැනි හිංසනයන්ට ලක්වන කාන්තාවන්ගෙන් පොලිසියට පැමිණිලි කරන්නේ සියයට 7ක් පමණ වූ සුළු පිරිසක් බවද එමගින් පෙන්වා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,061

Leave A Reply

Your email address will not be published. Required fields are marked *