මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන මහඔය – අරලගන්විල මාර්ගයේ පනිජ්ජ ඔය සහ කන්දේගම අතර කොටස නොවැම්බර් 20 වැනිදා සිට දිනපතා රාත්‍රී කාලයේ වසා තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව සෑම දිනකම සවස 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙනු ඇත.රාත්‍රී කාලයේ වාහන ගමනාගමනය නිසා වනෝද්‍යානය හරහා මාර්ගය මාරුවන වන සතුන් අනතුරට ලක්වීම සහ මියයාම ඉහළ ගොස් තිබීම මෙම පියවර ගැනීමට හේතු වී තිබේ.වන සතුන්ගේ ආරක්ෂාව උදෙසා මාර්ගය වසා තබන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



























