ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ ඉලක්කය 2030 වන විට ඩොලර් බිලියනය දක්වා ඉහළට

​ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, 2030 වසර වන විට වාර්ෂික වෙළඳ ගනුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා වර්ධනය කර ගැනීමට දෙරටේ නායකයින් එකඟතාවයකට පැමිණ ඇත. දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. මෙරට පුනර්ජනනීය බලශක්තිය, නිෂ්පාදන සහ සංචාරක ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර රැසක පවතින ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී වියට්නාම ආයෝජකයින්ට විශේෂ ඇරයුමක් ද සිදු කරන ලදී.​දෙරටේ සහයෝගීතාවය තවදුරටත් තහවුරු කරමින් තොරතුරු තාක්ෂණ, විද්‍යා හා තාක්ෂණ සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඇතුළත් අවබෝධතා ගිවිසුම් පහකට ද මෙහිදී අත්සන් තැබිණි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් වියට්නාමයෙන් මෙට්‍රික් ටොන් 100ක පොහොර පරිත්‍යාගයක් හිමිවන බවත්, දෙරට අතර සබඳතා පහසු කරමින් කොළඹ සහ හෝචිමිං/හැනෝයි අතර සෘජු ගුවන් ගමන් සේවා මෙම වසරේ සිටම ආරම්භ කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. මෙය දෙරටේ ආර්ථික මෙන්ම ආගමික සහ සමාජයීය සබඳතාවල නව සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,132

Leave A Reply

Your email address will not be published. Required fields are marked *