සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි දිවයිනට පැමිණ තිබේ.මැලේසියාවේ සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් MH 179 දරන ගුවන් යානයෙන් ඇය ඊයේ (05) රාත්රී 11.20 ට පමණ කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූ බව වාර්තා වේ.


























