සෞදි අරාබියේ ආරක්ෂක තත්ත්වය නිසා කොළඹ – දම්මාම් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

​සෞදි අරාබියේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ සහ දම්මාම් අතර ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් 2026 ඔක්තෝබර් 18 වැනි දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කර ඇත. මගීන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට මුල්තැන දෙමින් මෙම පියවර ගෙන තිබේ.​වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු ආරක්ෂිත පරිසරයක් යළි තහවුරු වූ වහාම අදාළ ගුවන් සේවාවන් සුපුරුදු පරිදි නැවත ආරම්භ කරන බව ගුවන් සේවය නිවේදනය කරයි. මෙම තත්ත්වය නිසා බලපෑමට ලක්වන මගීන්ට අවශ්‍ය සහන සලසා ගැනීමට සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකාව තුළින් 1979 අංකය ඔස්සේ හෝ ජාත්‍යන්තර ඇමතුම් සඳහා +94 11 777 1979 ඔස්සේ සම්බන්ධ විය හැක.​මීට අමතරව, WhatsApp හරහා තොරතුරු ලබා ගැනීමට +94 74 444 1979 අංකය භාවිත කළ හැකි අතර, මගීන්ට තම සංචාරක නියෝජිතයා ඇමතීමට හෝ නිල වෙබ් අඩවිය (www.srilankan.com) වෙත පිවිසෙන ලෙසද දන්වා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *