2008 වසරේදී කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.ඒ අනුව, කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (22) දින ඒ මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කරනු ලැබීය.පෙර නඩු වාරයේදී මෙම සිද්ධියට අදාළව ඔයාව සැකකරුවෙකු ලෙස නම් කරමින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි.























