නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (27) දින ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව අන්ත දුප්පත් පවුල් 381,369ක් සහ දුප්පත් පවුල් 635,761ක් වශයෙන් පවුල් 1,017,130කට මෙම ප්රතිලාභ හිමි වන අතර, ඒ සඳහා රුපියල් බිලියන 12.14කට අධික මුදලක් වෙන් කර තිබෙනවා.මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට සිදුවන බලපෑම අවම කිරීමට රජය ගත් තීරණයකට අනුව, අතිරේක හදිසි සහනාධාරයක් ද මෙවර ලබා දෙනවා. ඒ යටතේ අන්ත දුප්පත් කාණ්ඩයට රුපියල් 3,000ක සහ දුප්පත් කාණ්ඩයට රුපියල් 2,000ක අමතර දීමනාවක් හිමි වනවා.මෙම විශේෂ සහනාධාරය සඳහා රුපියල් බිලියන 2.41කට වැඩි මුදලක් වෙන් කර ඇති අතර, එය මෙම නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක සඳහා පමණක් ක්රියාත්මක වන බව සඳහන්.



























