ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය ඇත්පිටියේ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය ඊයේ (21) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඇත්පිටිය විජයාරාම මහා විහාරාධිපති මෙන්ම විශ්‍රාමලත් පරිවෙණාචාර්යවරයෙකු ද වන උන්වහන්සේ, ජාතික භික්ෂු පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් ශාඛාවේ අනුශාසක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරති.මෙම පුණ්‍ය මහෝත්සවයට මහනායක හා අනුනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් ද ඊට එක්ව සිටියහ. රජය නියෝජනය කරමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් සෙනරත්, අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සඳරුවන් මදරසිංහ යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීහු රැසක් ද මීට සහභාගී වූහ.



























