ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ විශේෂ පූජාවකට එක්වෙයි

තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (10) නුවරඑළිය, හග්ගල පිහිටි ඓතිහාසික සීතා අම්මාන් කෝවිල වෙත ගොස් විශේෂ ආශීර්වාද පූජාවකට සහභාගී වී තිබේ.​කොළඹ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණය වෙත ළඟා වූ අමාත්‍යවරයාව, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා විසින් ගුවන්තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.​ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ කෝවිල් පරිශ්‍රය වෙත පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබූ අතර, එහිදී ඔහු වෙනුවෙන් විශේෂ ආශීර්වාද පූජාවක් ද පවත්වන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,361

Leave A Reply

Your email address will not be published. Required fields are marked *