එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී උත්සව සමය පුරාවටම බිත්තර මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟ වී තිබේ.මේ වන විටත් වෙළෙඳපොළේ පහළ යමින් පවතින කුකුළු මස් මිල උත්සව සමයේදී තවදුරටත් අඩු කිරීමටත්, අඛණ්ඩ සැපයුමක් පවත්වා ගැනීමටත් නිෂ්පාදන සහ වෙළෙඳ සංගම් මෙහිදී සහතික විය. එමෙන්ම සුළු පරිමාණ ගොවීන් මුහුණ දෙන සත්ත්ව ආහාර ගැටලු සැලකිල්ලට ගනිමින්, සියලුම සත්ත්ව ආහාර නිෂ්පාදකයින් ලියාපදිංචි කර නිෂ්පාදනාගාර හා ආහාරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දී ඇත.අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම සුළු හා මහා පරිමාණ නිෂ්පාදකයින්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



























