ශ්‍රී ලංකා ක්‍රිකට් නව ජාතික තේරීම් කමිටුව නම් කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩක කපිල විජේගුණවර්ධන මහතා පත් කර තිබේ. ඉදිරි ක්‍රිකට් තේරීම් කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් මෙම නව පත්කිරීම් සිදුකර ඇත.කපිල විජේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නව කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් වන අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා මහත්මිය කටයුතු කිරීමට නියමිතය.

























