ජනපති සහ නීතිඥ සංගමය අතර සාකච්ඡා සාර්ථකයි

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.​නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වැටක් හෝ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු වී ඇත.​සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා සමඟ පැවති මෙම සාකච්ඡාව ඉතා සාර්ථක මට්ටමක පැවති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *