දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය සහිත ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රටේ සැබෑ ආයෝජනය වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය හා චරිත වර්ධනය බවත්, පරිසරයට ආදරය කරන පූර්ණ පෞරුෂයකින් යුත් පරපුරක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය ගෙන ඇති නීතිමය හා සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වූ අගමැතිනිය, සංවර්ධන ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් නිසි ලෙස ඇගයීමට ලක්කරන බව පැවසුවාය. ජාතික නාමල් උයන සුරක්ෂිත කිරීමට කැපවූ එහි නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ඇතුළු පිරිසට රජයේ ගෞරවය හිමිවන බව ද ඇය සඳහන් කළාය.උත්සවය අතරතුර වනවාසී රාහුල හිමියන් විසින් ගල්කිරියාගම රෝහල සහ ආඩියාගල පාසල සංවර්ධනය කරන ලෙස කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඉදිරි බඳවාගැනීම් යටතේ රෝහලේ පුරප්පාඩු පිරවීමටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අදාළ පාසල සංවර්ධනය කිරීමටත් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.


























