දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් ඇතුළු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයට ද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක.​දිවයිනේ සෙසු ප්‍රදේශ සැලකීමේදී, ඌව සහ නැගෙනහිර පළාත්වලටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයටත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. වැසි තත්ත්වයට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය හරහා පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ද ඇතිවිය හැකි බව වාර්තා වේ.​ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන තද සුළං සහ දරුණු අකුණු අනතුරු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *